වෙබ් අඩවිය මඟින් Live Class වලට සම්බන්ධ වන්නේ කෙසේද ?

Live Classes සඳහා Zoom Link එක Generate කර සම්බන්ධ විය යුතු අතර එ සදහා පහත පියවර අනුගමනය කරන්න.

🔴 echem.lk වෙබ් අඩවිය මගින් Live Class වලට සම්බන්ධ විය යුතු ආකාරය යාවත්කාලීන වී ඇති අතර නවක සිසුන් Live Class වලට සම්බන්ධ වීම සඳහා Zoom Link එක ලබා ගන්නා ආකාරය මෙමගින් පැහැදිලි කරනු ලැබේ.


නවක සිසුන් echem.lk වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතු ආකාරය දැනගැනීමට click කරන්න : https://youtu.be/bheV6OZDlQg

Generate Zoom Link For Live Classes : https://youtu.be/6GYQS_jfq6A


Zoom එකෙහි Register වූ පසු echem.lk වෙබ් අඩවිය මගින් Zoom Link එක ලබා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

1. පළමුව echem.lk වෙබ් අඩවිය වෙත Login වන්න.

2. වෙබ් අඩවියට Login වූ පසු Menu එකෙහි ඇති Live Classes වෙත පිවිසෙන්න.


3. එහි ඔබට අදාළව එම අවස්ථාවේ පවතින Live Classes දිස්වනු ඇත.

4. එහි ඇති Join Live Class click කරන්න.

5.ඉන්පසු පන්තියට අදාළ Link එක Generate කළ යුතු ආකාරය පහතින් දැක්වේ.

6. එහි ඔබ කලින් Zoom හි Register වුන Email Address එක ලබා දෙන්න.

7. Email Address එක ලබා දෙන විට එය නිවැරදිම Email එකද යන වග තහවුරු කරගන්න.


! ඔබ වැරදි Email Address එකක් ලබා දී ඇති නම් ඔබට නැවත Zoom Link එකක් Generate කිරීමට නොහැකි වනු ඇත. එම නිසා ඔබ ලබා දෙන Email ලිපිනය නිවැරදි ද යන්න කිහිප වරක් පරීක්ෂා කරන්න.

8. නිවැරදි Email ලිපිනය ලබා දුන් පසු Generate Zoom Link button එක click කරන්න.

9. ඉන්පසු Email ලිපිනය තහවුරු කරන ලෙස පණිවිඩයක් දිස්වනු ඇත. නැවත Email ලිපිනය පරික්ෂා කර එය තහවුරු කරන්න.

dehsmpramaditha@gmail.com

10. එය තහවුරු කිරීමෙන් පසු එම පිටුවේ පහලින් Click to Join Live Class button එක දිස්වනු ඇත. එය click කිරීමෙන් ඔබට එදිනට අදාළ Live පන්තියට සම්බන්ධ වීමට හැක.


මෙම පියවර අනුගමනය කිරීමේ දී යම් කිසි ගැටළුවක් ඇති වූයේ නම් පහත අංක වෙත දුරකථන ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න.


Online පන්ති පිළිබඳව තොරතුරු විමසීම සඳහා,

Call: 0704244444

Whatsapp: 0710228844

Telegram: https://t.me/echemlk_hotline