Online සිසුන් සඳහා නිබන්ධන නිවසට ලබා ගන්නේ කෙසේද ?

පන්ති ගාස්තු ගෙවා Class active වීමෙන් පසුව වැඩ කරන දින 6 ක කාලයක් තුල නිබන්ධන ඔබ පන්ති ගාස්තු ගෙවීමේදී ලබා දුන් Address එක වෙත ලැබෙනු ඇත.

🔴 නිබන්ධන ලබා ගත හැකි ආකාර

01. Courier

02. Speed post 

  • Courier හා Speed Post මගින් නිබන්ධන ලබා ගන්නා සිසුන්ට පන්ති ගාස්තු ගෙවා වැඩ කරන දින 5-6 ක් ඇතුළත නිබන්ධන නිවසට ලැබීම සිදුවේ. ( වැඩකරන දින යනු සෙනසුරාදා,ඉරිදා සහ නිවඩු දින හැර අනෙකුත් දින වේ) 

  1. Courier
  • Courier ඔස්සේ නිබන්ධන ලබා ගන්නා ඔබට Courier ආයතනය හරහා නිබන්ධන ඔබගේ නිවසටම ලබා දීම සිදු කරන අතර ඒ සඳහා අමතර ගාස්තුවක් අය නොකරේ.

  • කුරියර් එක හරහා නිබන්ධන ලබා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.
     

01.ඔබට අදාළ පන්තිය Buy කිරීමේදී නිබන්ධන ලබාගන්නා ආකාරයට  Deliver  to  home  තෝරන්න.

02.Deliver to home තෝරා, Courier Type එක ලෙස  Courier  තෝරන්න.

03.ඉන්පසු ඔබගේ ලිපිනය නිවැරදිව ප්‍රධාන නගරය සමග සඳහන් කරන්න.

04. Confirm Payment  Click කරන්න.
 

Tutes Tracking ID ලබා ගන්නා ආකාරය

01.වම් පස ඇති Menu එක මගින් Tutes Tracking වෙත පිවිසෙන්න. ඔබ Mobile phone එකක් භාවිතා කරන්නේ නම් Menu icon එක මගින් Menu එක open කර Tutes Tracking වෙත පිවිසෙන්න. (mobile phone වලදී Scroll කිරීම සිදු කරන්න)

02.My Tracking වෙත පිවිස නිබන්ධන වලට අදාළ Tracking විස්තර ලබා ගත හැක.

  • Tracking ID :-  ඔබගේ නිබන්ධන කට්ටලය සොයා ගැනීමට Tracking ID භාවිතා කළ හැක.

  • Courier Name :-  ඔබගේ නිබන්ධන ලබා දෙන Courier ආයතනයේ නම දැක්වේ.
  • Courier Branch :-  ඔබගේ නිබන්ධන කට්ටලය තිබෙන කුරියර් ශාඛාව.

  • Tracking Status :-  ඔබගේ නිබන්ධන කට්ටලයේ වර්තමාන තත්තවය.
       
    උදා :- 

    • In Transit (Mathara,Akuressa,…..)  - ඔබගේ නිබන්ධන කට්ටලය අදාළ කුරියර් ශාඛාවට ලැබෙමින් පවතින බව.

    • Taken Out For Delivery (Mathara,Akuressa,…..)  - ඔබගේ නිබන්ධන කට්ටලය අදාළ කුරියර් ශාඛාවෙන් භාර දීමට ගත් බව.

  • Confirmed :-  ඔබගේ නිබන්ධන කට්ටලය ඔබට ලැබුණු පසු 'Confirm Button' එක click කරන්න.
     

කුරියර් ශාඛාවේ දුරකථන අංකය ලබා ගන්නා ආකාරය

  • ඔබගේ නිබන්ධන කට්ටලය පන්ති ගාස්තු ගෙවා වැඩ කරන දින 4-5ක් ඇතුළත ඔබට ලැබෙන අතර එසේ නොලැබුනේ නම්, අපගේ වෙබ් අඩවියට පිවිස Tracking ID පරික්ෂා කර අදාළ කුරියර් ශාඛාව සම්බන්ධ කර ගනිමින් ඔබගේ නිබන්ධන කට්ටලය ලබා ගන්න.

01.අපගේ වෙබ් අඩවියට පිවිස වම් පස ඇති Menu එක මගින් Tutes Tracking වෙත පිවිසෙන්න. ඔබ Mobile phone එකක් භාවිතා කරන්නේ නම් Menu icon එක මගින් Menu එක open කර Tutes Tracking වෙත පිවිසෙන්න. (mobile phone වලදී Scroll කිරීම සිදු කරන්න)

 02.My Tracking වෙත පිවිස Courier Name Button එක Click කර Courier වෙබ් අඩවියට පිවිසෙන්න.

03.වෙබ් අඩවියට පිවිස එහි Branch Network වෙතට පිවිසෙන්න.

   

04.Branch Network වෙතට පිවිස එහි Search bar හි ඔබගේ නිබන්ධන කට්ටලය පැමිණ ඇති කුරියර් ශාඛාව Search කරන්න, ඉන්පසු ඔබට අදාළ ශාඛාවේ දුරකථන අංකය ලබා ගත හැක.
 

2.Speed post 

  • Speed post ඔස්සේ නිබන්ධන ලබා ගන්නා ඔබට තැපැල් කාර්යාලය හරහා නිබන්ධන ඔබගේ නිවසටම ලබා දීම සිදු කරන අතර ඒ සඳනා පන්ති ගාස්තුවට අමතරව රුපියල් 300ක ගාස්තුවක් අය කෙරේ. 
  • Speed post හරහා නිබන්ධන ලබා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න. 

01.ඔබට අදාළ පන්තිය Buy කිරීමේදී නිබන්ධන ලබාගන්නා ආකාරයට Deliver to home තෝරන්න.

02.Deliver to home තෝරා, Courier Type එක ලෙස  Speed post  තෝරන්න.


 

03.ඉන්පසු ඔබගේ ලිපිනය, ප්‍රධාන නගරය සහ තැපැල් කේතය නිවැරදිව සඳහන් කරන්න.

04. Confirm Payment  Click කරන්න.

  • Speed Post මගින් නිබන්ධන ලබා ගන්නා විට Tracking ID එක ලෙස තැපැල් කාර්යාලය මගින් ලබා දෙන Barcode එකක් දිස් වෙයි.

  

  • වෙබ් අඩවියේ Barcode එක දිස් වී වැඩ කරන දින 6ක් ඇතුලත නිබන්දන කට්ටලය ඔබගේ නිවසට නොලැබුණේ නම් ඔබගේ ලිපිනයට අදාළ තැපැල් කාර්යාලයට ගොස් ඒ පිළිබද විමසන්න. (Barcode එක රැගෙන යන්න)